• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Siwhela FM Media
Advertisement
  • දේශීය පුවත්
  • දේශපාලන පුවත්
  • ගොසිප් පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා පුවත්
  • වීඩියෝ
  • වෙනත් පුවත්
  • ව්‍යාපාරික පුවත්
No Result
View All Result
  • දේශීය පුවත්
  • දේශපාලන පුවත්
  • ගොසිප් පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා පුවත්
  • වීඩියෝ
  • වෙනත් පුවත්
  • ව්‍යාපාරික පුවත්
No Result
View All Result
Siwhela FM Media
No Result
View All Result

මධුෂ් ලංකාවේ හිර වෙද්දි බිරිය අංගොඩ ලොක්කා ළඟ

Siwhela Media by Siwhela Media
November 23, 2019
in දේශපාලන පුවත්
0
මධුෂ් ලංකාවේ හිර වෙද්දි බිරිය අංගොඩ ලොක්කා ළඟ
0
SHARES
59
VIEWS
Share on FacebookShare on Twitter


මිහිපිට විසෙන් අධිකම සත්ත්වයා මිනිසා යැයි කියැවේ. ඒ අතරින්ද පිරිමියාට වඩා ස්ත්‍රිය විසෙන් අධික බව කාන්තා සනුහරය පවා පිළින්නා සත්‍යයකි. කාන්තාව මූලික වී යුද්ධ ඇති වූයේ රාම – රාවණ සමයේ පටන්ය. සන්සුන්ව සිතා බලන්නේ නම් සෑම විනාශයකම කෙළවරක සිටින්නේ ස්ත්‍රියකි. රටේ පුවත් මැවූ, කෝටි දහසකට වැඩි වත්කම් ඇතැයි කියැවෙන මාකඳුරේ මධුෂ්ටද දැන් තවත් හිසරදයක් පාත් වී ඇත. ඒ මාකඳුර මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිය රෝගී දරුවකු සමඟ දුක් විඳිද්දීය.

තමන්ගේ ලෙයින් උපන් දරුවා හා බිරිය පසෙක දමා පොත්තේ රත නිසා මධුෂ් මෙරටින් රැගෙන ගිය කාන්තාවම මධුෂ්ගේ දෑතට විලංගු රැගෙන ආවාය. මධුෂ් කරා එන්නට පෙර ඇය නිසා ඇගේ මවුපියන් පාරට වැටිණි. මධුෂ්ට පෙර ඇගේ සැමියා වූ පිරිමියාට අනුන්ගේ හෙරොයින්වලට සිපිරිගත වී, සිපිරිගෙදරදීම මියයන්නට සිදුවිය. අවසානයේ නම හැරෙන්නට වෙනත් කිසිදු ඡායාරූපයක්, තොරතුරක් හෝ නොමැතිව සිටි පාතාල නායක මධුෂ්ටද විලංගු දාගන්නට සිදු විය. දැන් ඇගේ අලුත්ම ගොදුර මධුෂ්ගෙන්ම පාතාලයේ අත්පොත් තැබූවකුය. ඒ අංගොඩ ලොක්කාය.

ඇය නමින් දිලිනි ඉෂාරාය. එකල දුටුවන් මන බන්දන රූපයකින් හෙබි ඇය, මහරගම හොල්ලාගෙන සිටි පාතාල කල්ලි නායකයකු වන කළු තුෂාරගේ විවාහක බිරියය. කළු තුෂාර හෙවත් තුෂාර චන්දන යනු වාර්තා පොත් අනුව නම් මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය චෝදනා රැසකට කරගැසූවෙකි. කළු තුෂාරගේ නීත්‍යනුකූල බිරිය වන දිලිනි ඉෂාරා මධුෂ්ගේ අනියම් බිරිය බවට පත්වන්නේ 2012 වසරේ නොවැම්බර් 09 වැනිදා වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී මරුමුවට පත්වූ රැඳවියන් අතර කළු තුෂාරද සිටි බැවිනි. කළු තුෂාරගේ මරණින් පසු අසරණ වන දිලිනි ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන්නේ සිය සැමියාගේ අඩි පාරේ යමිනි. ඇයට කන්නට බොන්නට දෙන්නට දරුවකුද විය. ඇය මත්කුඩු ජාවාරම් කළාය. මහ පරිමාණ බූරු පොළවල්ද සංවිධානය කළාය.

ඇය එසේ මත්කුඩු අලෙවි කරමින් බූරුවා ගසමින් ජීවත් විය යුතු කාන්තාවකද නොවූවාය. ඇය ඒ තැනට පත්වන්නේ මවුපියන්ගේම වරදිනි. දිලිනිට පාසල් සමයේදීම පෙම්වතෙක් සිටියේය. ඒ ගැන ඉව වැටීමත් සමඟ මවුපියන් ඒ ගැන සොයන්නට භාර කරන්නේ කළු තුෂාරටය. කළු තුෂාර දිලිනිගේ ඥාතීන්ය. එහි අවසානය සිදුවන්නේ ඇහැට කනට පෙනෙන තරුණියක වන දිලිනිව නිවෙසින් පන්නා කළු තුෂාර ඇයව අඹුව බවට පත්කර ගැනීමය. ඒ වන විටත් කළු තුෂාරගේ නම ඉදිරියේ පොත්වල මිනිස් ඝාතන 05ක් ඇතුළු අපරාධ 23ක් ලියැ වී තිබිණි.

මේ යුවළ වාසය කරන්නට යන්නේ බණ්ඩාරගම බොල්ගොඩ ජලාශයට කිට්ටුව පාත පිහිටි කුලී නිවෙසකටය. එහිදී ලොරියක් රැගෙන එහි වැලි ව්‍යාපාරයක් කරගෙන සිටි බව පසු කලෙක තුෂාරගේ බිරිය කියා තිබිණි. හිටි හැටියේම ඒ නිවෙසට එන්නේ දෙවුන්දර තමිල් නමැති දකුණේ නමගිය අපරාධකරුවෙකි. ඔහු එසේ කළු තුෂාර සොයා එන්නේ මාතර පැත්තේ සිදුවුණු මිනිස් ඝාතනයකින් පසු පොලිසියෙන් බේරෙන්නටය. තමිල්ට තුෂාර මුණගැසෙන්නේ සිර ගෙදරදීය. තමිල් පැමිණෙන්නේ තමන්ගේ ගැබ්බර බිරියද සමඟය.

“එයා සිරගෙදරදී හඳුනා ගත් මාතර පැත්තේ මිතුරෙක් එයාගේ නෝනා එක්ක අපේ ගෙදර හොයාගෙන ආවා. එයාගේ බිරිය ගැබ්ගෙන තිබුණු නිසා මමයි තුෂාරයි ඒ දෙන්නට ගෙදර ඉන්න කියලා, අපේ දරුවත් සමඟ ලොරියේ ගිහින් චයිනීස් හෝටලයකින් කෑම අරගෙන ආවා. එනකොට පොලිසිය ගෙය වටකරලා තිබුණා. අර යාළුව ළඟ මත්කුඩු පාර්සලයක් තිබුණ නිසා ඔහු අත්අඩංගුවට ගත්තා. අපේ ගෙදර හිටිය නිසා තුෂාරවත් අත්අඩංගුවට අරගෙන නඩු පැවරුවා. ඔය හිර ගෙදර අරගලය වූ දවසේත් ඒ මත්කුඩු නඩුව ඇසුවා. එදා නඩුව දහතුන් වැනිදාට කල්ගියා. ඒවෙලාවේ තුෂාර මාවයි පුතාවයි බදාගෙන ඇඬුවා. මගේ පුතාගේ අතේ තිබුණු රබර් බේ්‍රස්ලට් එක ගලවා ගෙන එයාගේ අතට දාගත්තා. ඒ රබර් බේස්ලට් එක පහුවදා එයාගේ මළ සිරුර බලනකොටත් අතේ තිබුණා” තුෂාරගේ බිරිය පසුව කියා තිබිණි.

විශේෂ පොලිස් කණ්ඩායමක් කළු තුෂාර පදිංචිව සිටි බණ්ඩාරගම නිවෙසට කඩා වදින්නේ ඔය අතරතුරදීය. නිවෙසේ තිබී සොයාගන්නේ හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයකි. එම හෙරොයින් තොගය දෙවුන්දර තමිල්ගේය. කළු තුෂාර මිතුරා පාවාදෙන්නට ගියේ නැත. වරද භාරගනිමින් ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූයේ වැඩි කල් නොගොස් එළියට එන්නට හැකි බවට වූ විශ්වාසයක්ද ඇතිවය. එහෙත් සිදුවන්නේ ඔහු බලාපොරොත්තු නොවූ දෙයකි. එකල පානදුර මහාධිකරණ විනිසුරුවරිය මත්කුඩු ජාවාරම්කරුවන්ට තදින්ම සිටි නැතැත්තියක වූවාය. කළු තුෂාරගේ ඇප අයැදුම ඇය පැත්තකට දැමුවාය. කළු තුෂාර කළුතර බන්ධනාගාරයේ සිට සැලසුම් කරන්නේ විනිසුරුවරිය ඝාතනය කරන්නටය. ඒ බව හෙළිවන්නේ කළු තුෂාර සමඟ එකම සිරමැදිරියක සිටි සැකකරුවකුගෙනි.

ඒත් එක්කම කළු තුෂාර කළුතර බන්ධනාගාරයෙන් මාරු කර යැවෙන්නේ කුරුවිට බන්ධනාගාරයටය. ඒ නිදහස ලැබීමේ අවසන් අවස්ථාවත් අහිමි වෙමිනි. එහිදී කළු තුෂාර අමුතුම ගේමක් ගැසුවේය. දෙවුන්දර තමිල්ගේ සහායෙන් සල්ලි කොළ විසි කරන්නට වුවමනා හැම තැනකටම විසි කළේය. ඒ අනුව පානදුර මහාධිකරණයෙන් ඇප ලැබුණු බවට ව්‍යාජ ලියැවිලි බන්ධනාගාරයට ගියේය. එසේ බන්ධනාගාරයෙන් පැනගත් ඔහු අනියම් බිරියත් සමඟ ගොස් නතර වන්නේ ඉන්දියාවේය. ඒ සඳහා ඔහුට තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවට යන්නට බෝට්ටුවක් සූදානම් කර දෙන්නේ දෙවුන්දර තමිල්ය.

දැවැන්ත මූල්‍ය වංචාවක් කළ සක්විති රණසිංහ නමැත්තා රටින් පලාගොස් ඉන්දියාවේ සැඟවී සිටියේද මේ වකවානුවේදීමය. ඉන්දියානු පොලිසිය සක්විති රණසිංහ යැයි කියා අනුමාන කරමින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන්නේ කළු තුෂාරය. එතැන් සිට කළු තුෂාරට සිදුවන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගත වන්නටය. 2012 වසරේ නොවැම්බර් 09 වැනිදා ඔහු ඝාතනය වෙයි.

එකල මාකඳුරේ මධුෂ් සිටින්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේය. ඒ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ විමර්ශනයකට අදාළවය. මධුෂ් 2014 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයෙන් මුදා හැරෙන්නේ එකී ඝාතන චෝදනාව ඔප්පු කිරීමට තරම් සාක්ෂි රැස් කරගන්නට අපොහොසත් වීම මතය. ඒ අනුව අධිකරණයෙන්ද කොල්ලකෑම් නඩු 09කට එකවර ඔහුට ඇප ලැබිණි.

ඇප මත නිදහස ලබා මාස දෙක තුනකට වඩා මධුෂ් මෙරට රැඳී සිටියේ නැත. සියල්ලන්ගේම ඇස් වසා මධුෂ් ඩුබායි පනින්නේ අජිත් වර්ණකුලසූරිය නමින් පෙනී සිටිමිනි. එසේ ඩුබායි පැනගත් ඔහු 2015 වසරේ මාර්තු 12 වැනිදා සිය මිත්තණියට අවසන් ගෞරවය දක්වන්නටද පැමිණ තිබුණේද හොර රහසේය.

කළු තුෂාර මැරූ පළිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක රංගජීවගෙන් ගන්නට දිලිනි එක් වන්නේ මාකඳුරේ මධුෂ් සමඟය. තුෂාර මියගිය පසු කුඩු ජාවාරම් කළ ඇය අපරාධ රැල්ල මෙහෙයවන්නට රටේ නමගිය තරුණ නළුවකුද ළඟ තියාගෙන තිබුණේය. මේ නළුවා සමඟ බලයෙන් ධනවත් කතුන්ව ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථානවලදී හඳුනාගෙන එම කාන්තාවන් සමඟ අනියම් ඇසුරුකම් පවත්වා වීඩියෝ දර්ශන එළියට දමන බවට තර්ජනය කර කප්පම් ගන්නා අමුතු තාලේ නළුවෙක්ය. ඔහු කළු තුෂාරගේ බිරියට කලක් හේත්තු වී අපරාධ ලොව බලය පෙන්නුවේ තමාගේ රැකවරණය උදෙසාය. මාකඳුරේ මධුෂ් ඇහැට කනට පෙනෙන කළු තුෂාරගේ බිරිය ලංකාවෙන් ගෙන්වා ගන්නේ මුහුදු මාර්ගයෙන් තම ආච්චි අම්මාගේ මළ ගෙදර පැමිණ යන මොහොතේ දැකගත් පසුවය.

මාකඳුරේ මධුෂ්ගේ කුඩු ජාවාරම් ඉන්දියාවේ සිට මෙහෙයවන මීගමුව ෆොරෝස්ගේ මස්සිනා වන නවාස් යොදවා පොලිස් පරීක්ෂක රංගජීව මහතා පිළියන්දලට ගෙන්වා ගත්තේද මධුෂ්ගේ අනියම් බිරිය වන දිලිනිය. පිළියන්දලට කුඩු ඔත්තුවක් ලබාදී රංගජීව මහතා ගෙන්වා දෙන්නේ නවාස්ය. රංගජීවගේ ඔත්තුකරුට කුඩු ඔත්තුවක් දී මධුෂ්ගේ වෙඩික්කරුවන්ට කොටු කර දුන් පසුව ඔවුන්ව ඉන්දියාවට යවා ජාවාරම් කරගෙන යෑමට ඉඩ සලසා දෙන්නේත් දිලිනිය.

මාකඳුරේ මධුෂ් ඩුබායි සාදයේදී කොටුවන්නේ දිලිනි ඉෂාරාට ලෝකයාට පෙනෙන්නට උපන්දින සාදයක් පවත්වන්නට අවශ්‍ය වූ නිසාය. රතු පැහැයෙන් හෝටලයේ සාදය ඇති තැන සරසා රතු පැහැ ඇඳුම් පැලඳ උපන්දිනය සමරන්නට ලංකාවෙන් ගායක ගායිකාවන් ගෙන්වන්නට යෝජනා කරන්නේත් දිලිනිය. දිලිනිගේ ආසාවට මධුෂ් ඉඩ දුන්නේ ප්‍රභූ ඝාතන සැලසුමක් කරළියට ඒමෙන් පසුව රහසිගතව ජීවත්ව සිටින මොහොතකදීය.

මේ අවදානම් බව කංජිපානි ඉම්රාන්ද මධුෂ්ට අනතුරු අඟවා තිබුණත් මධුෂ් බිරිය දිලිනි ඉෂාරාගේ ආසාවට ඉඩ දුන්නේය. කංජිපානි ඉම්රාන් සාදයට ප්‍රමාද වී යන්නේ මේ ගැන ඇති වූ නෝක්කාඩුව නිසා බව ඔහු ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇත. සාදයට ප්‍රමාද වී ගියත් තම මිතුරාගේ පවුලේ අය එනතුරු මධුෂ් කේක් කපන්නට ඉඩදී නොතිබුණේය. මධුෂ්ව ලංකාවේ සිට අජිත් එරංග වර්ණකුලසූරිය නමින් ව්‍යාජ ගුවන් බලපත්‍රයක් සකසා ඩුබායි රාජ්‍යයට ගෙන්වා පාතාලයකු බවට පත් කළේත් කංජිපානි නිසා කංජිපානිට මධුෂ්ගෙන් ඇත්තේ වැඩි සැලකිල්ලකි. කංජිපානි එනතුරුම දියණියගේ උපන්දින කේක් ගෙඩිය නොකපා සිටින්නට මධුෂ් කටයුතු කරන්නේ මේ නිසාය. මාකඳුරේ මධුෂ් තම සඟයාගේ කීම නොතකා සියලු දෙනාගේම බෙල්ලට තොණ්ඩුව දමාගත් බව කංජිපානි සිතන්නේය.

එදා දියණියගේ උපන් දින සාදයට ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගැනීමට මධුෂ් සැලසුම් කර ඇත්තේ සියයක පමණ පිරිසකි. ජනප්‍රිය නළු-නිළියන් මෙන්ම ගායක ගායිකාවන්ද සාදය වර්ණවත් කිරීමට ගෙන්වා ගැනීම මධුෂ්ගේත් දිලිනිගේත් අරමුණ විය. රෝස පැහැති කමිසයකින් සැරසී කෝට් බෑයක් ඇඟලාගත් මධුෂ් එදා සිට ඇත්තේ සැහැල්ලුවෙනි. වෙනදාට ඩුබායිහිද සැඟවුණු ජීවිතයක් ගත කරන ඔහු මෙදා සිය දියණිය කරේ තබාගෙන ඩී.ජේ. සංගීතයට නටමින් සාදය පැවැති හෝටලය වටේම දුව පැන නටමින් විනෝද වී ඇත්තේ මත්පැන්ද තොලගාමිනි. දිලිනිද එදා සිය දියණිය සමඟ ඇඟලාගෙන සිටින්නේ රෝස පැහැති ඇඳුමකි. උපන් දින කේක් එකේ පටන් සැරසිලි සියල්ලක්ම රෝස පැහැගන්වන්නට දිලිනි වගබලාගෙන තිබිණි.

සාදයේ ඇරැඹුම සිදු වන්නේ කංජිපානි ඉම්රාන් සිය බිරිය සහ දරුවන් සමඟ පැමිණි පසු මධුෂ් සහ දිලිනි සිය දියණිය සමඟ එක්ව උපන්දින කේක් කැපීමත් සමඟිනි. ඒ දිලිනිව පියවි දෑසින් මධුෂ් දුටු අවසන් වතාවය.

මධුෂ් ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කෙරේ. මධුෂ්ගේ සාදයට පැමිණෙමින් සිටි නමුත් අත්අඩංගුවට පත් නොවෙන අංගොඩ ලොක්කා වහාම එම ස්ථානයෙන් පැන යන්නේය. අංගොඩ ලොක්කා, කළුතර එතනමඩලදී මාකඳුරේ මධුෂ්ගේ සහාය ඇතිව කඩුවෙල, රණාලේ සමයං ගමන් කළ බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සමයං ඇතුළු පස්දෙනකු ඝාතනයෙන් පසුව ඉන්දියාවට ගෙන්වා ගත්තේ මාකඳුරේ මධුෂ්ය.

මධුෂ් විසින් අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියාව ඉන්දියාවට ගෙන්වා ගත්තේ ඝාතනයෙන් පසුව ඩුබායිවලට ගන්නා පොරොන්දුව මතය. නමුත් අංගොඩ ලොක්කා හා ලඩියාව ඩුබායි වෙත ගෙන්වා නොගෙන ඉන්දියාවේ තබාගෙන තම කටයුතු මෙහෙයවීමට මධුෂ් ගත් තීරණයත් සමඟ දෙපාර්ශ්වය අතර මතගැටුම් පැවතුණු බවට බුද්ධි අංශවලට තොරතුරු වාර්තා විය.

මාකඳුරේ මධුෂ් අබුඩාබි පොලිසියේ සිර භාරයට පත්වීමත් සමඟ අංගොඩ ලොක්කා තම කප්පම් ගැනීම් දිගින් දිගටම ව්‍යාප්ත කරමින් මධුෂ්ගේ බලය ගැනීමට උත්සාහ කර ඇති බවද අනාවරණය වී ඇත. ඒ අතරේ මධුෂ්ව බේරාගැනීමට සහාය ගැනීමට ගිය මධුෂ්ගේ දෙවැනි බිරියව අංගොඩ ලොක්කා නතර කර ගැනීමත් සමඟ ආරවුල දුරදිග ගොස් තිබේ. දිලිනි තුෂාර මැරූ පළිය නියෝමාල් රංගජීවගෙන් ගන්න මධුෂ්ට සමීප විය. මධුෂ් ඇයගේ ගැටයට අසු වුණද මධුෂ් අත්අඩංගුවට ගන්නට උපකාර, ඔත්තු දුන්නවුන්ගෙන් පළිගන්නට අංගොඩ ලොක්කාගේ දැලේ පැටලීම නම් ලෙහෙසි පහසු බවක් පෙනෙන්නට නැත.

ප්‍රසාද් අබේවික්‍රම
Source – මව්බිම

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න





Previous Post

මුලතිව් ගුරුකන්ද මහා විහාරායේ විහාරාධිපති හිමියන් අපවත් වෙයි

Next Post

ඇලිට් සමාගමේ නිවේදනය - Lanka Hit Gossip [Sinhala]

Siwhela Media

Siwhela Media

Next Post
ඇලිට් සමාගමේ නිවේදනය – Lanka Hit Gossip [Sinhala]

ඇලිට් සමාගමේ නිවේදනය - Lanka Hit Gossip [Sinhala]

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 79 Followers
  • 27.7k Followers
  • 78k Subscribers
  • 22.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
ගොඩක් අය කියනවා මම ශලනි අක්කා වගෙයි කියලා

ගොඩක් අය කියනවා මම ශලනි අක්කා වගෙයි කියලා

November 23, 2019
ජනාධිපතිවරණයේ දුර්වලම අපේක්‍ෂකයා ගෝටාභයයි – Lanka Hit Gossip [Sinhala]

ජනාධිපතිවරණයේ දුර්වලම අපේක්‍ෂකයා ගෝටාභයයි – Lanka Hit Gossip [Sinhala]

November 23, 2019
මධුෂ් ලංකාවේ හිර වෙද්දි බිරිය අංගොඩ ලොක්කා ළඟ

මධුෂ් ලංකාවේ හිර වෙද්දි බිරිය අංගොඩ ලොක්කා ළඟ

November 23, 2019
පාස්කු ප්‍රහාරය: ආබාධිත කෝප්‍රල්වරයෙකුගේ සහ දෙමළ වැසියෙකුගේ බලාපොරොත්තුව

පාස්කු ප්‍රහාරය: ආබාධිත කෝප්‍රල්වරයෙකුගේ සහ දෙමළ වැසියෙකුගේ බලාපොරොත්තුව

November 23, 2019
පවිත්‍රායි සිසිරයි ජයසුමනයි පේන්න නැති හේතුව (බ්‍රහස්. කාටූන්)

පවිත්‍රායි සිසිරයි ජයසුමනයි පේන්න නැති හේතුව (බ්‍රහස්. කාටූන්)

0

Sao Phim Cổ Trang Trung Quốc ‘Múa Bút’, Sự Thật Khán Giả Cười Ngất

0

คาสิโน เว็บที่ดีที่สุด พร้อมบริการโบนัสหลังการสมัครฟรีเครดิต!!

0

คาสิโน ค่าคอมสูง มากล้นด้วยเกมคาสิโนที่มีผู้ใช้งานมากมาย

0
පවිත්‍රායි සිසිරයි ජයසුමනයි පේන්න නැති හේතුව (බ්‍රහස්. කාටූන්)

පවිත්‍රායි සිසිරයි ජයසුමනයි පේන්න නැති හේතුව (බ්‍රහස්. කාටූන්)

January 21, 2021
📷 ඇමරිකානු නව ජනපති බයිඩෙන්ගේ දිවුරුම් උත්සවයේ ඡායාරූප

📷 ඇමරිකානු නව ජනපති බයිඩෙන්ගේ දිවුරුම් උත්සවයේ ඡායාරූප

January 21, 2021
තවත් කොරෝනා මරණ 2 ක්

තවත් කොරෝනා මරණ 2 ක්

January 21, 2021
දිනක් තුල මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයින් අද වාර්තා වී ඇත

දිනක් තුල මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයින් අද වාර්තා වී ඇත

January 21, 2021
Siwhela FM Media

Follow Us

Browse by Category

  • Uncategorized
  • ක්‍රීඩා පුවත්
  • ගොසිප් පුවත්
  • දේශපාලන පුවත්
  • දේශීය පුවත්
  • ව්‍යාපාරික පුවත්
  • විදෙස් පුවත්
  • වීඩියෝ
  • වෙනත් පුවත්

Visitors

  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2019 Siwhela FM Media - Siwhela FM Media Atoms Lanka IT Solutions.

No Result
View All Result

© 2019 Siwhela FM Media - Siwhela FM Media Atoms Lanka IT Solutions.